වාස්තු සහ ජ්‍යොතිෂ

ජ්‍යොතිෂය , වාස්තු විද්‍යාවේදී වැදගත් ඇයි ?

ජ්‍යොතිෂය , වාස්තු විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව යනු එකිනෙක හා තදින් බැඳී සම්බන්ධ වුනු තුන් ඈදුතු විද්‍යාවක් . 

නිවසක් සෑදීමේදී වාස්තු විද්‍යාවට අනුව සැලැස්මක් සෑදීම මුලින්ම කළ යුතු දෙයයි .මෙම සැලසුම පිළියෙළ කිරීමේදී එම නිවසේ පදිංචියට යන අයගේ කේන්ද්‍ර විස්තර අත්‍යාවශ්‍යයි . 

නිවැරදිව සෑදු භාව කේන්ද්‍රයකින් , පුද්ගලයකුගේ ජීවිතයේ සෑම අංශයක්ම මනාව විග්‍රහ කල හැකියි. තමාට හිමි දේපොළ (යාන වාහන , වතු පිටි , නිවාස ගොඩනැගිළි යනාදිය ) පිලිබදව කේන්ද්‍රයේ සඳහන්.ඉතින් ඔබ වෙනුවෙන් පිළියෙළ කරන නිවසේ වර්ගඵලය තීරණය කිරීමේදී ජන්ම කේන්ද්‍රයේ විස්තර වඩාත් වැදගත් . උපන් නැකත සහ නිවසේ නැකත එකිනෙකට පීඩා නොවන ආකාරයට ගැලපීම අනිවාර්යයයි.

මීට අමතරව නිවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමේදී නැකත් චාරීත්‍ර අනුගමණය කිරීම ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සිට පැවත එන ක්‍රම වේදයක් .

  • ලණු ඇදීම. 
  • අත්තිවාරම් කැපීම .
  • නිදන් වස්තු තැන්පත් කිරීම.                                        

 යනු නිවසේ වැඩ ආරම්භයේදී නැකතට කරන්නා වූ පළමු කාර්යයන් තුනයි .මීට අමතරව නිවසේ ඉදිකිරීම් අවස්ථාවන් ..... ඒ කියන්නේ බිත්ති බැඳීම , වහලය ගැසීම , උළුවහු තැබීම යනාදී ප්‍රධාන අවස්ථාවන් සඳහාත් නැකත් බැලීමෙන් නිවසේ වැඩ කටයුතු ගැටළුවකින් , භාදකයකින් තොරව ඉදිරියට කරගෙන යාමට මනා පිටිවහලක් සපයයි .අනවශ්‍ය ආකාරයෙන් නිවස වෙනුවෙන් මුදල් නාස්තිය වැලැක්වීම , නිවස ඉදිකරන කාර්මිකයන්ට සිදු විය හැකි අනතුරු අවම කර ඉතා කෙටි කාලයකින් වැඩ කටයුතු අවසන් කිරීමට හැකිවීම පමණක් නොවේ , නිවැරදි වාස්තු සැලසුමක් නිවැරදි ජ්‍යොතිෂ පදනමක් මත නිවැරදි තාක්ෂණයෙන් ඉදිකළ විට පසුකාලීනවත් ඇති විය හැකි දෝෂ තත්වයන් ඉතාම අවම මට්ටමකයි පවතින්නේ.

"නිවැසියන්ගේ ජීවිතයේ සෑම අංශයක්ම ඉතා සාර්ථකව පවත්වා ගෙන යාමේත් , දියුණුවෙන් දියුණුවට පත් වීමේත් රහසයි " 

වාස්තු විද්‍යා කටයුතු වලදී ජ්‍යොතිෂයේ වැදගත්කම මෙයයි.

 

‹ පෙර 1 පසු ›